.සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.20 ට පෙර පාසලට පැමිණිය යුතුය.
.විශේෂ ප්‍රමාදයන් පිළිබඳ වාර්තා කිරීම.
.පාසලට පැමිණිය යුතු ආකාරය අංක 06 සිට 10 දක්වා පිටුවල සඳහන් වේ.
.ජංගම දුරකතන හා පාසල් විනයට බාදා පැමිණ්විය හැකි වෙනත් කිසිම මෙවලමක් හෝ උපකරණයක් පසලට නොගෙන ආ යුතුය.
.අනවශ්‍ය ලෙස වෙනත් පන්ති අසළ කොරිඩෝවල ආපනශාලාවේ හා පාසල් භූමියේ රැඳී නොසිටිය යුතුය.
.පන්ති කාමරයෙන් පිටව යාමේදී අවසර පත්‍ර රැගෙන යා යුතුය.
.පාසල තුලදී මෙන්ම ඉන් පිටතදීත් පසලේ ගෞරවයට හානි නොවන සේ හැසිරීමට වග බලා ගත යුතුය.
.පාසලට සම්බන්ද කටයුතු වලදී දෙමාපියන් හා අවසරලත් පුද්ගලයන් පමණක් සහභාගී කරගත යුතුය.
.තම පන්ති කාමරය මෙන්ම පවරා ඇති අදාල බාහිර පෙදෙස් පිරිසිදු කිරීම.
.ශිෂ්‍ය නායකයකු හෝ නාය්කාවක නම් තමාට පැවරුණු කාර්යයන් වලට වාර්තා කිරීම.
.ආගමික වතාවත් හා උදෑසන රැස්වීම් පැවැත්වීමට සූදානම් වීම.
.විවේක කාලයෙන් පසු භාවනාමය වැඩසටහනට සක්‍රීයව සහභාගී වීම.
.පාසලේ එදිනෙදා කටයුතු අවසානයේ දී ඡත්ත මානවක ගාතා කීමෙන් අනතුරුව දෙදෙනා බැගින් පේලියට පාසලින් පිටවීම.