1970 දශකයේ දී පාසලේ උසස් පෙළ පන්ති ආරම්භ විය. උසස් පෙළ සිසුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිවිසීමද මෙකල සිදුවිය. දෙගුරුන් විසින් 120X20 ගොඩනැගිල්ලක් තනවා විදුහලට පරිත්‍යාග කරන ලදි.
දාස සමූහ ව්‍යාපාරයේ අධිපති එස්.ඩී.ගුණදාස මහතාගේ අවධානය ද පාසල වෙත යොමු විය. ඒ අනුව එතුමාගේ අනුග්‍රහයෙන් තලල්ල දකුණ මහ විදුහලට අංග සම්පූර්ණ රසායනගාරයක් සහ පුස්තකාලයක් ලැබුණි. විදුහල වටා ප්‍රාකාරය‚ නල මගින් ජලය ලැබීම ව්‍යාපාරික ඩබ්.එච්.සයිමන් ද සිල්වා මහතාගේ පරිත්‍යාගයකි. රසායනාගරය‚ පුස්තකාලය‚ විදුහල් භූමිය වටා ප්‍රාකාරය එකල මුදල් අමාත්‍ය රොනී ද මැල් පරිත්‍යාගශිලි දාස මුදලාලි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.