බැතියෙනි නමදිමු තලල්ල දකුණේ - මහ විදුහල් මාතා
සුසිරිත වඩවා ගුණමිණි පළඳා - දූ දරුවන් සාදා
හෙළ බස හෙළ දැය සමය නගා - සිප් සතරින් නහවා
බැතියෙනි නමදිමු තලල්ල දකුණේ -මහ විදුහල් මාතා
ඔදතෙද සිරිලක් පොළොවේ වපුරා -අනාගතය සරු වේ
පිනවමු සැනසෙමු උකුළේ නැළවෙමු -සැරදේ ඔබ වොරැඳේ
බැතියෙනි නමදිමු තලල්ල දකුණේ - මහ විදුහල් මාතා
සුසිරිත වඩවා ගුණමිණි පළඳා - දූ දරුවන් සාදා